June 5, 2023

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට එරෙහිවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පාර්ලිමේන්තු විපක්ෂය තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ පාර්ලිමේන්තු විපක්ෂය යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට එරෙහිවීමට තීරණය කර ඇති බව අද(05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ “රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිව පවතින කොටස විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන එන බව කියන විකාශන අධිකාරී පනත් කෙටුම්පතට විරුද්ධ වී පරාජය කිරීමට සජබ ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවයි.

කෙටුම්පත පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මෙන්ම අධිකරණය හරහා ද ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ සිවුවැනි බල කණුව නිදහස් ජනමාධ්‍ය බවත්, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය සංවරණ හා තුලනයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ශක්තිමත් කරන විට මුළු ලෝකයම නිදහස් ජනමාධ්‍ය සිව්වැනි සංවරණය ලෙස පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.