
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පසුගිය දිනවල ඇති වූ ගැටලුවෙන් පසු එම තොරතුරු සිය නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම මේ වනවිට අවසන් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ සහ සන්නිවේදන වැඩබලන අධ්යක්ෂ ජයලත් පෙරේරා කියා සිටියේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවයි.
අදාළ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර පවසා ඇත්තේ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර මන්ත්‍රීවරුන් සමඟම නැවත පරීක්ෂා කර යාවත්කාලීන කළ බවයි.
“අපි දැනටමත් ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කර තිබෙනවා. හර්ෂණ නානායක්කාර ඇමැතිවරයා සම්බන්ධයෙන් අපේ පැත්තෙන් අතපසුවීමක් සිදුවෙලා අපි එය පිළිගෙන තිබෙනවා. ඒ වැරැද්ද නිවැරදි කළා. අනෙක් අයගේ තොරතුරුත් පරීක්ෂා කර, මන්ත්‍රීවරුන් විසින් තහවුරු කිරීමෙන් පස්සේ යාවත්කාලීන කර තිබෙනවා” යනුවෙන් ඇය පවසා තිබේ.
පසුගියදා ඉල්ලා අස්වූ කථානායක අශෝක රන්වලගේ ‘ආචාර්ය’ යෙදුම පසුගියදා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමත් සමඟ විශාල මහජන කතාබහක් ඇති විය.
ඉන් අනතුරුව නීතිය සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් තිබූ බව කියන ‘ආචාර්ය’ නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද කතාබහක් ඇති විය.
පසුව කථානායකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති දිසානායක විසින් පිළිගනු ලැබිණි.
නානායක්කාර ඇමැතිවරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජයලත් පෙරේරා කියා සිටියේ පාර්ලිමේන්තුවට ලබාදී ඇති තොරතුරුවල මන්ත්‍රීවරයා ආචාර්ය උපාධියක් ඇති බවක් සඳහන් කර නොමැති අතර ඇමැතිවරයාගේ නමට පෙර ‘ආචාර්ය’ නාමය තිබීම අදාළ දත්ත ඇතුළත් කිරීමේදී වූ දෝෂයක ප්‍රතිඵලයක් බවයි.
ඒ සම්බන්ධයෙන් ඇමැති නානායක්කාරට සිදු වූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart