
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිතීන්වලින් සැකසූ ‘සිලි සිලි’ බෑග් සඳහා විකල්පයක් ලෙස පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශය පෙරමුණ ගත යුතු බව පාර්ලිමේන්තුවේ පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ.
භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා ගාස්තුවක් පැනවීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා අතරතුර මෙම නිර්දේශය ඉදිරිපත් කරන ලදී.
ගාස්තුවක් අය කිරීම පොලිතීන් භාවිතය අර්ථවත් ලෙස අඩු කරයිද යන්න කමිටු සාමාජිකයන් ප්‍රශ්න කළ අතර ගාස්තු මුදල තීරණය කළේ කවුරුන්ද යන්න පැහැදිලි කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
වත්මන් ගැසට් පත්‍රය සිලි සිලි බෑග් සඳහා කිසිදු ගාස්තුවක් නියම නොකරන බව එහිදී නිලධාරීහු ප්‍රකාශ කළහ.
ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ 2025 අයවැය යෝජනාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා කමිටුව 2025 නොවැම්බර් 10 සහ 12 යන දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් රැස්විය.
එහිදී අදාළ ආයතනවල වාර්ෂික සහ කාර්ය සාධන වාර්තා කිහිපයක් ද සමාලෝචනය කර අනුමත කරන ලදී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥානමුත්තු ශ්‍රීනේෂන්, රොෂාන් අක්මීමන, චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, කිට්නන් සෙල්වරාජ්, භාග්‍ය ශ්‍රී හේරත්, චිත්‍රාල් ප්‍රනාන්දු, ජේ.සී අලවතුවල, සුජීව සේනසිංහ සහ උපුල් කිත්සිරි මෙම රැස්වීමට සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart