
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අවභාවිත කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
2023 අගෝස්තු 08 වැනි දින ආරම්භ වන ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළදී මේ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
“අපි මෙම විවාදයේදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අදහස් කරනවා. මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිල්ලක් කළා” යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාසට සම්බන්ධ රංගන ශිල්පිනී ශලනි තාරකාටද ඕස්ට්‍රේලියාවට යන්න වීසා ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඊට අමතරව විධායක කමිටු සාමාජිකයින් 8 දෙනකුගේ භාර්යාවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 9 දෙනෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 9 දෙනෙක් සහ ඔවුන්ගේ භාර්යාවන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙකු වෙනුවෙන් වීසා ඉල්ලීම් ලිපි යවා තිබුණා” යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙයි.
මෙම ක්‍රියාවලියේදී මිනිස් ජාවාරමක් සිදුව ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart