
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම සහ පාර්ලිමේන්තුවේ මැදිහත්වීම තවත් විහිළුවක් පමණක් බව කොළඹ අදරදුගුරු මැල්කම් රංජිත් කදිමල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කරති.
අන්තර්ජාලය නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ මීට පෙරද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පර්යේෂණ, කොමිසම් රැසක් ක්‍රියාත්මක වූ නමුත් මේ දක්වා යුක්තිය ඉටුනොවූ බවයි.
එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ස්වාධීන හා අපක්ෂපාතී අන්තර්ජාතික මැදිහත් වීමකින්ද සමන්විත විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ඒ සඳහා මෙම අපරාධය සම්බන්ධ සුලමුල මුල් අවස්ථාවේදීම අනාවරණය කරගත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සේවය ලබාගත යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart