June 23, 2024

පුරප්පාඩු වීමට නියමිත නීතිපති ධූරය සඳහා ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ පත්කිරීමට ඉඩ ඇතැයි අනාවැකි පළවේ.

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය ලබන සතියේ අවසන් වීමත් එම ධුරයට මෙලෙස ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ පත්කෙරෙනු ඇතැයි පැවැසේ .
වත්මන් නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ නමුත්, ව්‍යවස්ථා සභාව එය අනුමත කරනු ලැබුවේ නැත.

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරනු ලබයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ 31 වසරක් සේවය කළ ප්‍රවීණ නීති විශාරදයකු වන පාරින්ද රණසිංහ හිටපු අගවිනිසුරුවරයකු වන (ජ්‍යෙෂ්ඨ) පාරින්ද රණසිංහගේ පුත්‍රයා වේ.

කෙසේවෙතත් වත්මන් නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් ව්‍යවස්ථා සභාව වෙත යොමුකරනු ඇති බවටද ඇතැම් පාර්ශව අනාවැකි පළකරති.