
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටාර්හි සිටින ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් 140 කට ආසන්න පිරිසකට දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ (SSLSD) පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් කටාර්හි සිටින ශ්‍රී ලාංකික මාපියන්, මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තිබේ.
තම දරුවන් සඳහා විකල්ප පාසල් සොයාගැනීමට මුදල් ගැටළු බලපෑ ඇති බව ඔවුහු පෙන්වාදෙති.
Stafford Sri Lankan School Doha (SSLSD) යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද කටාර්හි එකම පාසලයි. එය මෙරට සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටුකරයි.
ගැටලුවට මුහුණදී ඇති දරුවන්ගේ මාපියෝ කලකිරීමට පත්ව සිටින අතර, තම දරුවන් දැනටමත් SSLSD හි පෙර පාසල් අධ්‍යාපනය අවසන් කර ඇති බවත්, 1 ශ්‍රේණිය සඳහා ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් පවසති.
කටාර්හි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (MOEHE) විසින් නියම කර ඇති සීමාවන් ඉක්මවා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මෙලෙස ඇතුළත් වීමේ ගැටළු මතු වී ඇත.
කටාර්හි MOEHE එතැන් සිට SSLSD පාසල සඳහා නියෝග ලබා දී ඇති අතර අතිරික්ත ලියාපදිංචි නොකළ සිසුන් ඉවත් කර නව ඇතුළත් කිරීම් නතර කරන ලෙස පාසලට උපදෙස් දී තිබේ.
පාසලේ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට අපොහොසත් වීම වත්මන් තත්ත්වයට හේතු වූ බවට මාපියෝ චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart