June 16, 2024

පානම මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා සමඟ දිය නෑමට ගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අනෙක් තිදෙනා බේරාගෙන ඇත.

මරණයට පත්ව ඇත්තේ කල්මුණේ රෝහලට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි වෛද්‍යවරයෙකි.