
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවස තුළ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා සමග සිටි කාන්තාවක නිවසේ ඉදිරිපස දොර කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
අඹුසැමි යුවලක් පමණක් පදිංචිව සිටින නිවසකින් අධික දුගඳක් හමන බවට ඊයේ (25) රාත්‍රි පානදුර දකුණ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් තිබේ.
පොලිසිය එහි යනවිට මියගොස් ඇති පුද්ගලයාගේ බිරිද නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බවත්, ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇඳක් මත මුණින් අතට තිබූ මළසිරුර සොයාගත් බවත්, පොලිසිය කීය.
පානදුර ඇටඹගොඩවත්ත, ජනජය නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙළෙන්නේ යැයි සැක පළකරන බව පොලිසිය පවසයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද එදින රාත්‍රියේම පරීක්ෂණ සිදුකරන ලදී.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යනු ලැබීය. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart