
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය පලාලි අන්තර්ජාතික ගුවන් තොටුපළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක්(PPP) ලෙස පවත්වාගෙන යෑමට රජය කැමැත්ත පළකරන බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මේ සඳහා සූදානම් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර ආයෝජකයන්ගෙන් කැමැත්ත පළකිරීම් වෙනුවෙන් අයැදුම්පත් ඉක්මනින් කැඳවන බව ඔහු සඳහන් කරයි.
යාපනය පලාලි ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් තොටුපළක් ලෙස නම්කර ඇති අතර දැනට කුඩා ටර්බෝප්‍රොප් ගුවන් යානා හරහා ඉන්දියාව සමග ගුවන් ගමන් සිදුකරනු ලබයි.
අවම වශයෙන් Airbus A320 පන්තියේ ජෙට් යානා ගොඩබෑම සඳහා ගුවන් තොටුපළට ධාවන පථ සංවර්ධනය කිරීමක් අවශ්‍ය වේ.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දීය සමාගම්වල එකමුතුවකට ලබාදීමට ආසන්න බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart