
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට පාකිස්ථාන රජය තීරණය කර තිබේ.
2023 නොවැම්බර් 1 සිට බලපැවැත්වෙන පරිදි, මූලික වශයෙන් ඇෆ්ගන් සරණාගතයින් ඉලක්ක කර ගනිමින් මෙය සිදු කරන බවත්, ලේඛනගත නොකළ මිලියන 1.7ක ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සිටින බවත් වාර්තා වේ.
මෙම තීරණය පිළිබදව, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International), හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක් වී තිබේ.
එම පිටුවහල් කිරීමේ සැලැස්ම වහාම අත්හිටුවන ලෙසද ඔවුන් පකිස්ථාන රජයෙන් ඉල්ලා ඇත.
එහෙත්, එම ඉල්ලීම් නොතකමින් පාකිස්ථාන රජය විසින් පිහිටුවන ලද මධ්‍යස්ථාන 49ක ඇෆ්ගන් සරණාගතයින් රඳවා තබා ගැනීමත්, ඔවුන් පිටුවහල් කිරීමත් ආරම්භ කර තිබේ.
තවද, “නීතිවිරෝධී විදේශිකයන්ගේ” වත්කම් රාජසන්තක කිරීමටත්, මෙම ගණයට වැටෙන පුද්ගලයින්ට උපකාර කිරීම හෝ රැකවරණය ලබාදෙන ස්වදේශිකයන්ට එරෙහිව දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමටත් පාකිස්ථාන බලධාරීන් සැලසුම්කර තිබෙන බවද සදහන් වේ.
පකිස්ථානය මුහුණ දෙන ත්‍රස්තවාදී තර්ජන වළක්වා ගැනීමට මෙම තිරණය ගත්බව පකිස්ථාන රජය පවසයි.
කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ගෝලීය ආයතන එය මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර නෛතික බැඳීම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart