
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, දෙරට අතර ආතතීන් ඉහළ යෑමත් සමග පාකිස්ථාන FM ගුවන් විදුලි මධ්‍යස්ථාන ඉන්දියානු ගීත ප්‍රචාරය කිරීම නැවතීමට කටයුතු කර තිබේ.
පාකිස්ථාන විකාශන සංගමය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇති සියලුම FM මධ්‍යස්ථානවලින් ඉන්දියානු සංගීතය ඉවත් කරන බවයි.
PTI පුවත් සේවයට අනුව, පකිස්ථාන විකාශන සංගමයේ මහලේකම් ෂකීල් මසූඩ් විසින් මෙම තීරණය තහවුරු කර ඇත.
පකිස්ථාන තොරතුරු අමාත්‍ය අට්ටා ටාර් මෙම පියවර අගය කළ අතර, එය දුෂ්කර කාලවලදී එකමුතුකමේ ප්‍රබල පණිවිඩයක් ලෙස හැඳින්වීය.
“පාකිස්ථාන විකාශන සංගමයේ දේශප්‍රේමී ක්‍රියාව බෙහෙවින් අගය කරනු ලබන අතර එය සමස්ත ජාතියේම සාමූහික හැඟීම පිළිබිඹු කරයි.ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි පරීක්ෂණ කාලවලදී මූලික වටිනාකම් සඳහා සහාය වීමට අපි සියලු දෙනාම එකමුතුව සිටිමු,” යනුවෙන් ඔහු පවසා තිබේ.
ඉන්දියාව විසින් පකිස්ථාන යූ ටියුබ් නාලිකා තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු මෙම පියවර ගෙන ඇත.
ඩෝන් නිවුස්, සමා ටීවී, ඒආර්වයි නිවුස් සහ ජියෝ නිවුස් වැනි ප්‍රධාන මාධ්‍ය ඇතුළුව පාකිස්ථාන යූ ටියුබ් නාලිකා දහසයක් ඉන්දියාවේ තහනම් කර ඇත.
ANI පුවත්සේවය පැවසුවේ, “ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත, ඉන්දීය රජය ඩෝන් නිවුස්, සමා ටීවී, ඒආර්වයි නිවුස් සහ ජියෝ නිවුස් ඇතුළු පකිස්ථාන යූ ටියුබ් නාලිකා 16 තහනම් කර ඇත්තේ ඛේදජනක පහල්ගම් ත්‍රස්තවාදී සිද්ධියේ පසුබිම තුළ ප්‍රකෝපකාරී සහ වාර්ගික සංවේදී අන්තර්ගතයන්, අසත්‍ය සහ නොමඟ යවන තොරතුරු සහ ඉන්දියාවට, එහි හමුදාවට සහ ආරක්ෂක ආයතනවලට එරෙහිව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම නිසා” යනුවෙන් රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.
ඉන්දියානු ඉන්ස්ටග්‍රෑම් තුළ කීර්තිමත් පාකිස්ථාන පුද්ගලයන් අවහිර කර ඇති තත්ත්වයන් ද වාර්තා වේ.
පාකිස්ථාන ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් තවදුරටත් ඉන්දියාවේ නොපෙනෙන බව ඉන්දියානු පරිශීලකයන් නිරීක්ෂණය කර ඇත.
හනියා ආමීර් සහ මහිරා ඛාන් වැනි ජනප්‍රිය තරු එලෙස අවහිර වූ පළමු අය අතර විය.
ඔවුන්ගේ ගිණුම් දැන් ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට ‘ලබා ගත නොහැකි’ යනුවෙන් පෙන්වයි.
තවත් එවැනි ඉහළම නමක් වන අලි සෆාර් ද තහනම් කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart