
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම් උත්තේජක මර්දන නීති මාලාව උල්ලංඝනය කිරීම හේතුවෙන් පකිස්ථාන දඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නවාස්ට මාස තුනක ක්‍රිකට් තහනමකට යටත් වීමට සිදුව ඇත.
කෙසේ වෙතත්, අදාළ තහනම් ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමේ විශේෂ ප්‍රතිකාර වැඩසටහනක් සාර්ථකව නිම කිරීමෙන් පසු මෙම තහනම මාසයක් දක්වා අඩු කිරීමට නියමිතය.
පසුගිය පෙබරවාරි 7 වැනිදා කොළඹදී පැවැති 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී 32 හැවිරිදි නවාස්ගේ සිරුරේ තහනම් උත්තේජක ගණයට වැටෙන ද්‍රව්‍යයක් (Carboxy-THC) අඩංගු බව තහවුරු වී තිබේ.
තමන් අතින් එම වරද සිදුවූ බව පිළිගත් නවාස්, අදාළ ද්‍රව්‍යය ක්‍රීඩා තරගවලින් පරිබාහිරව භාවිත කරන ලද්දක් බවත්, ඉන් තම ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට කිසිදු බලපෑමක් සිදුනොවූ බවත් ඔප්පු කිරීමට සමත් විය.
ඒ අනුව, ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම පනවා ගන්නා ලද තාවකාලික තහනම ක්‍රියාත්මක වූ 2026 මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මාස තුනක තහනම පනවා ඇත.
මෙම දඬුවම පිළිගැනීම සහ පුනරුත්ථාපන වැඩසටහනට දායක වීමට එකඟ වීම නිසා, මාස දෙකහමාරක තහනම් කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු නවාස්ට පනවා තිබූ තාවකාලික ක්‍රීඩා තහනම මේ වන විට ඉවත් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම පුනරුත්ථාපන වැඩසටහන නවාස් සාර්ථකව අවසන් කළහොත්, ඔහුට නියමිත මාස තුනක තහනම් කාලයෙන් ඉතිරි කොටස ගෙවා දැමීමට අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත්, ICC තහනම් උත්තේජක මර්දන නීති මාලාවට අනුව, පෙබරවාරි 7 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවැති තරගයේදී සහ ඉන් අනතුරුව මැයි 1 වැනිදා දක්වා ඔහු ක්‍රීඩා කළ තරගවලදී පිහිටුවූ සියලුම පෞද්ගලික වාර්තා අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart