
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය ඉන්දීය ජෙට් යානා දෙකක් සහ ඩ්‍රෝන යානයක් වෙඩිතබා බිම දැමූ බව කියාසිටී.
කෙසේවෙතත් ඊට ඉන්දියාව ප්‍රතිචාර දක්වා නොමැති අතර, ජනමාධ්‍ය ඔස්සේ වෙනත් තහවුරු කිරීම්ද සිදුව නැත.
ඉන්දීය රජයට අනුව, ඉන්දියාව පකිස්ථානයේ සහ පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාර එල්ල කර ඇත.
පාකිස්ථාන හමුදාව පවසන්නේ ස්ථාන තුනකට පහර දුන් බවයි. අගමැති ෂෙබාස් ෂරීෆ් එය “බියගුළු ප්‍රහාරයක්” ලෙස හැඳින්වීය.
පාකිස්ථාන හමුදා ප්‍රකාශකයෙකුට අනුව, ළමුන් දෙදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් හත්දෙනෙකු මියගොස් ඇත.
මුසෆරාබාද් (පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරය) සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පදිංචිකරුවන්ට පාලන රේඛාව අසල දරුණු පිපිරීම් ඇසුණු බව වාර්තා වේ.
පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය අසිෆ් ‘බ්ලූම්බර්ග්’ වෙත පවසා ඇත්තේ, ඉන්දියානු ගුවන් යානා පහක් වෙඩිතබා බිම දමා ඉන්දීය සොල්දාදුවන් අල්ලාගෙන ඇති බවයි.
උග්‍ර ආතතීන් මධ්‍යයේ පාකිස්ථානය ලාහෝර් සහ කරච්චි හරහා ගුවන් අවකාශය ග්‍රිනිච් වේලාවෙන් 19:20 දක්වා වසාදමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart