
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රහාර තරයේ හෙළාදකින බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා තිබේ.
“ඉන්දියාව විසින් සිදුකරන ලද මෙම යුද ක්‍රියාවට ශක්තිමත් ප්‍රතිචාරයක් දැක්වීමට පකිස්ථානයට සෑම අයිතියක්ම ඇති අතර ඇත්ත වශයෙන්ම ප්‍රබල ප්‍රතිචාරයක් ලබාදෙනු ලැබේ,” යනුවෙන් ෂරීෆ් පැවසීය.
මේ අතර අද උදෑසන පාකිස්තානයේ ජාතික ආරක්ෂක කමිටුව රැස්වූ අතර එහිදී ඉන්දියාවෙන් එල්ල වන ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හමුදාවට අවසර දීම සඳහා තීරණයකට එළඹ ඇතැයි ද වාර්තා වේ.
එමෙන්ම පාකිස්ථානය එරට සිටින ඉන්දියාවේ භාරකා නියෝජිතයා කැඳවා ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි ද සඳහන්.
මේ අතර ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අද ආරක්‍ෂාව පිළිබඳ කැබිනට් කමිටුවේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.
එහි මූලාශ්‍රයක් රොයිටර් පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මෝදි මීට පෙර සැලසුම් කර තිබූ ක්‍රොඒෂියාව, නෙදර්ලන්තය සහ නෝර්වේ යන රටවල සංචාර ද කල්දමා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart