March 17, 2026

බංග්ලාදේශයේ මීර්පූර් හි පැවති තුන්වැනි එක්දින තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේ දී බංග්ලාදේශයට LBW සමාලෝචනයක් ලබා දීමට පිටියේ විනිසුරු කුමාර් ධර්මසේන ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්ථානය විසින් තරඟ තීරක නීයාමූර් රෂීඩ් වෙත පැමිණිලි කර ඇත.

ESPNcricinfo වාර්තා කරන්නේ, සිදුවීමේ දර්ශනය විශාල තිරයේ නැවත දිස්වීමෙන් පසුව බංග්ලාදේශය සමාලෝචනය ලබා ගත් බවට පාකිස්ථාන කළමනාකාරිත්වය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.

සමාලෝචනය ලබා ගැනීමේ තීරණය සහ එහි අවසාන ප්‍රතිවිපාක බංග්ලාදේශයට තරගයේ තීරණාත්මක ස්ථානයක් ගැනීමට උපකාරී විය.

එම පන්දුවට පෙර, පාකිස්ථානයට ජයග්‍රහණය කිරීමට අවශ්‍යව තිබුණේ පන්දු දෙකකින් ලකුණු 12කි.

රිෂාඩ් හොසේන් යැවූ පන්දුව ෂහීන් අෆ්රිඩිගෙන් ඉවතට ඇදී යනු දක්නට ලැබිණි.

එය කකුලෙන් ඈත්ව ගිය බැවින් විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස හැඳින්වීය.

පන්දුව අෆ්රිඩිගේ කකුල් අසල හෝ ඔහුගේ ශරීරයේ කිසිදු කොටසක් අසල නොමැති බව පියවි ඇසට පෙනුණු අතර, බංග්ලාදේශය කෙටි සාකච්ඡාවලින් පසුව LBW සඳහා සමාලෝචනයක් ලබා ගැනීමට තීරණය කළේය.

සාමාන්‍ය ප්‍රොටෝකෝලවලට අනුව, ක්‍රීඩකයන්ට සිදුවීමේ දර්ශන නැවත දෘශ්‍යමාන වීමට පෙර සමාලෝචනයක් පිළිබඳ තීරණයක් ගත යුතු අතර එමඟින් සමාලෝචනය කිරීමේ තීරණයට බලපෑම් කිරීම වළක්වයි.

කෙසේවෙතත්, එම පන්දුව මුලින් වයිඩ් එකක් ලබා දුන් බැවින් සමාලෝචනයක් සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවට උපකල්පනය කළ ද එම සාමාන්‍ය ප්‍රොටෝකෝල අනුගමනය නොකළ බව පාකිස්ථානය තර්ක කරයි.

ක්‍රීඩාංගණයේ විශාල තිරය මත පන්දුව පිත්ත පසුකර යන ආකාරය දර්ශනය වූ අතර, පන්දුව පිත්තේ ස්පර්ශ වී ඇති බවට යෝජනා කිරීමට බංග්ලාදේශයට ප්‍රමාණවත් තොරතුරු එමගින් හිමි වූ බවට උපකල්පනය කළ හැකිය.

එවැනි තීරණයක් ගත යුතු උපරිම තත්පර 15න් පිටත සමාලෝචනය කිරීමට බංග්ලාදේශයට අවසර දීමේ හැකියාව සම්බන්ධයෙන් පාකිස්ථානය අමනාප වී ඇත.

විකාශනයේ කිසිදු කාලරාමුවක් නොපෙන්වූ බැවින්, බංග්ලාදේශය නියමිත වේලාවට සමාලෝචනය කර තිබේද යන්න ස්වාධීනව තහවුරු කළ නොහැක.

කෙසේවෙතත්, සමාලෝචන ඉල්ලීමේ දී හෝක්-අයි වෙත ගිය වහාම පන්දුව අෆ්රිඩිගේ පිත්තේ පතුල පසුකර යන මොහොතේ ස්පයික් එකක් දැකිය හැකි වූ අතර, එය ඔහුගේ ඇඟිල්ලේ කෙළවර වැදී ඇති බවත්, එබැවින් වයිඩ් පන්දුවක් විය නොහැකි බවත් යෝජනා විය.

බංග්ලාදේශය සමාලෝචනය අහිමි කරගත් නමුත් වයිඩ් තීරණය ආපසු හැරවූ අතර එමගින් ජයග්‍රහණය සඳහා අවශය් ලකුණු ප්‍රමාණය එක් පන්දුවකින් ලකුණු 12ක් බවට පත් විය.

අවසන් පන්දුවේදී අෆ්රිඩි ස්ටම්ප් කිරීමකට ලක් වූ අතර කලකිරීමෙන් ඔහුගේ පිත්ත කඩුල්ල මත ඇද දැමුවේය.

ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 11ක ජයග්‍රහණයක් සහ 2-1 ක තරඟාවලි ජයග්‍රහණයක් හිමිවිය.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තරඟ තීරකවරයාගෙන් ඉල්ලා ඇති ක්‍රියාමාර්ගය තවමත් පැහැදිලි නැත.

කෙසේවෙතත් වැරැද්දක් සිදු වූ බවට අවම වශයෙන් ප්‍රසිද්ධ පිළිගැනීමක් ඔවුන් අපේක්ෂා කරන බව විශ්වාස කෙරේ.

මෙම තීරණය පාකිස්ථානයට වරදක් සිදුවූ බවට හැඟී ගිය ආසන්න තරඟවලින් දෙවැන්නයි.

බංග්ලාදේශය සමග පැවති දෙවැනි එක්දින තරගයේදී සල්මන් ආගා නියමිත සීමාවෙන් පිටතදී මෙහෙදි හසන් මිරාස් වෙත පන්දුව භාර දීමට උත්සාහ කරමින් සිටියදී දුවද්දී දැවී යෑමකට හසුකර ගනු ලැබිණි.

ආගා පත්වූ කලකිරීම අනුව ඔහු තම පිත්ත සහ අත්වැසුම් බිම හෙළීමට පෙර උණුසුම් වචන හුවමාරු කර ගත් අතර, ඔහුට දඬුවම් ලකුණක් සහ තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම විය.

එම සිදුවීම සඳහා මෙහෙදිට ද ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක දඩයක් නියම විය.