
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සමග උදගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුධය මධ්‍යයේ පාකිස්ථානය යළිත් බැලැස්ටික් මිසයිල අත්හදාබැලීමක් සිදු කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ දින 03ක් ඇතුළත් පාකිස්ථානය සිදුකළ දෙවැනි මිසයිල අත්හදා බැලීම එය බවයි.
මේ අතර පහල්ගම් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්ථානය ගැටුමක් දක්වා අවතීර්ණ වීමේ අවදානමක් පවතින බැවින් ඉන්දීය රජය ආරක්ෂක අභ්‍යාස පැවැත්වීමට ප්‍රාන්ත කිහිපයකට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.
මෙම ආතතිමය තත්වය හමුවේ ලෝක බලවතුන් මෙන්ම අන්තර්ජාතික සංවිධාන ද ගැටුමකට අවතීර්ණ වීමෙන් වැළකී අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලීම් කරයි.
දරුණු මූල්‍ය අර්බුධයකට ලක්ව සිටින පාකිස්ථානයේ ආර්ථිකය මෙම තත්ත්වය හමුවේ තවදුරටත් පසුබෑමකට ලක්වනු ඇතැයි අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනයක් වන මූඩිස් අනතුරු ඇඟවීය.
මේ අතර ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් පාකිස්ථානයෙන් එල්ලවිය හැකි ප්‍රහාරයක් සඳහා පූර්ව සූදානම් අභ්‍යාස සිදු කෙරෙන බව පැවසුන ද එම ප්‍රාන්ත මොනවාදැයි නිශ්චිතව වාර්තා නොවේ.
කෙසේවෙතත් මෙම අභ්‍යාසවලට සමගාමීව ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන්, ජනතාව ඉවත් කිරීමේ සැලසුම් සහ කිසියම් ප්‍රහාරයක් සිදුවුවහොත් ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයන් පුහුණු කිරීම ඇතුළත් වන බව වාර්තා වේ.
පහල්ගම් ප්‍රහාරය සඳහා පාකිස්ථානය සම්බන්ධ බවට ඉන්දියාව චෝදනා කළ ද පාකිස්ථානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
එහෙත් පාකිස්ථානය පවසන්නේ, ඉන්දියාව හමුදා ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට එරෙහිව ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart