
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියාව තුළ යුද භීතියක් මතුකර ඇති ඉන්දු – පාකිස්තාන අර්බුධය තවදුරටත් උත්සන්න වන අයුරු පෙනෙන්නට තිබේ.
ඒ අනුව පකිස්තාන හමුදාව අද පැවසුවේ ඉන්දියාවට අයත් ප්‍රහාරක ඩ්‍රෝන යානා 25 ක් වෙඩිතබා බිමහෙළූ බවයි.
එම ඩ්‍රෝන යානා සිය ගුවන් සීමාව උල්ලංඝණය කිරීම හමුවේ ඒවාට ප්‍රහාර එල්ල කළ බව ද පාකිස්ථාන හමුදාව පවසයි.
පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රිට පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත Harop ඩ්‍රෝන ලෙස හඳුනාගෙන ඇති එම ඉන්දියානු ඩ්‍රෝන යානා පාකිස්තානයේ විශාලතම නගර දෙක වන කරච්චි සහ ලාහෝර් ආසන්නයෙන් මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකදී හඳුනාගැනුණු බවයි.
ඩ්‍රෝන යානාවල සුන්බුන් මේ වන විට එක්රැස් කරමින් පවතින බව ද ඔහු පැවසීය.
“ඉන්දියාව සිය ඩ්‍රෝන යානා පාකිස්ථාන ගුවන් සීමාවට යොමුකර ඇති බවත්, ඉන්දියාව මෙම ආක්‍රමණය සඳහා දැඩි ලෙස වන්දි ගෙවනු ඇති බවත් මේජර් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් අනතුරු ඇඟවීය.
එමෙන්ම ඉන්දියාවේ මෙම ඩ්‍රෝන් මෙහෙයුම් හේතුවෙන් එක් සිවිල් වැසියකු මියගොස් සොල්දාදුවන් හතරදෙනකු තුවාල ලබා ඇති බව පාකිස්ථාන හමුදාව වාර්තා කළේය.
එක් ඩ්‍රෝන යානයක් ලාහෝර් ආසන්නයේ හමුදා ඉලක්කයකට පහරදුන් බව වාර්තා වේ.
නවතම චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart