November 4, 2026

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත 2026 නොවැම්බර් 01 සහ 02 යන දිනවල සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් දෙකකදී රුපියල් ලක්ෂ 34කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට සහාය වී තිබේ.

2026 නොවැම්බර් 01 දින ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමඟ ගාල්ල, එගොඩවෙල, කරන්දෙණිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී රුපියල් 2,200,000ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 147යි මිලිග්‍රෑම් 400ක් සහ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 410ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, 2026 නොවැම්බර් 02 දින පුත්තලම සුරාබදු ඒකකයේ නිලධාරීන් සමඟ කල්පිටිය, ඒත්තාලේ ප්‍රදේශයේ සිදුකළ තවත් මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් සඟවා තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා බීඩි කොළ කිලෝග්‍රෑම් 110ක් සොයාගෙන තිබේ.