
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් අවසර ලබාදීමට තීරණය කර තිබේ.
පසුගිය වසර කිහිපය පුරා පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවට හෝ ඉන්දීය කණ්ඩායමක් පාකිස්ථානයට ගොස් තරග සඳහා සහභාගීවීම සිදුවුයේ නැත.
තරගාවලිය පැවත්වෙන කාලය තුළ සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වගකිවයුතු බව සදහන් කරමින් පාකිස්ථාන රජය අදාළ අවසරය ලබාදී ඇත.
කෙසේ වෙතත් ලබන 30 වන ආරම්භ වන ආසියානූ කුසලානයට සහභාගීවීම සඳහා පාකිස්ථානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවසානයේ තීරණ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart