
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් විසින් රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා සහ නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වන ඊශ්රායකයෙන් රහස් බුද්ධි තොරතුරු සහාය ලබා ගැනීමට සවුදි අරාබිය පියවර ගෙන තිබේ.
The Jerusalem Post පුවත්පත වාර්තා කර ඇති පරිදි, සවුදි අරාබිය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇමරිකානු මධ්‍යම විධානය මැදිහත් කර ගනිමින් යේමනයේ හුති කැරලිකරුවන්ට එරෙහිව ය.
රතු මුහුද සහ බැබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ගමනාගමනයට තහංචි පනවා ඇති හුති සංවිධානය, සෞදි ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර ද තීව්ර කර ඇත.
සෞදියේ බලශක්ති සහ වෙළඳ මාර්ගවලට දැඩි තර්ජනයක් එල්ල කරමින් පවතින මෙම සමුද්‍රීය වැටලීම් හමුවේ, සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතර අලුතින් ඇති කරගත් Mecca Joint Defence Agreement පාර්ශවකරුවෙකු වන පාකිස්ථානය පවා හුතිවරුන්ට එරෙහිව ක්ෂණික හමුදාමය ක්‍රියාමාර්ගයකට එළඹීමට මෙතෙක් එකඟතාව පළකර නොමැත.
සවුදි අරාබිය සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති බැවින්, CENTCOM මැදිහත්වීමෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ප්‍රධාන වශයෙන්ම හුති හමුදාවන්හි ස්ථානගතවීම් හඳුනාගැනීමට සහ ඉදිරි නාවික හා හමුදා මෙහෙයුම් පිළිබඳ පූර්ව බුද්ධි තොරතුරු ලබාගැනීම කෙරෙහි යොමුවී ඇත.
යේමනයේ රතු මුහුදු තීරයේ තම බලය වර්ධනය කරගෙන ඇති හුති සංවිධානය, ප්‍රධාන නාවික මාර්ග ඔස්සේ සිදුකරන නාවික ගමනාගමනයට එල්ල කර ඇති තර්ජන සෞදි අරාබියේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. CENTCOM හරහා සිදුවන මෙම හමුදාමය තොරතුරු හුවමාරුව මගින් හුති තර්ජනවලින් ආරක්ෂා වීමේ සෞදි අරාබියේ හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අදාළ පුවත්පත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart