
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන පාර්ලිමේන්තු කමිටුවකදී පසුගිය සතියේ අනාවරණය වී ඇති ආකාරයට මේ වන විට ආගමික අපහාස චෝදනා යටතේ පුද්ගලයන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත.
ඒ අතුරින් අතර වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, සින්ද් ප්‍රදේශයෙන් වන අතර එය 78 කි.
මෙම ආගමික අපහාසයට සම්බන්ධ සිදුවීම් හේතුවෙන් මෑත කාලීනව පකිස්ථානයේ පල්ලි 20 කට වැඩි සංඛ්‍යාවක් සහ ක්‍රිස්තියානි නිවාස 90 කට ආසන්න සංඛ්‍යාවක් විවිධ පාර්ශ්ව විසින් විනාශ කර දමා තිබේ.
මේ අතර කයිබර් පක්තුන්ක්වා පළාතේ දේව අපහාස නඩු සම්බන්ධයෙන් 55 දෙනෙකු සිරගත කර ඇති බවත්, පන්ජාබ් හි සමාන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනකු සිරගත කර ඇති අතර බලුකිස්තානයට එක් අයෙකු සිටින බවත් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අනාවරණය විය.
එසේම පුද්ගලයෝ 27 දෙනෙක් ඉස්ලාමාබාද් හි සිරගතව සිටිති.
කෙසේවෙතත්, දේව අපහාසයන් වැළැක්වීමේ පියවරක් ලෙස, අන්තර් ආගමික සහජීවනය පෝෂණය කිරීම සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පන්ජාබ් දිස්ත්‍රික්ක පුරා ‘මීසාක්’ මධ්‍යස්ථාන 57 ක් පමණ විවෘත කර ඇති බවද පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart