
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගල් ඔය ගං ඉවුරු බිඳීයෑමේ තර්ජනයක් හේතුවෙන් සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 40කට වැඩි පිරිසක පදිංචිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ප්‍රදේශවලට යොමුකර ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
“සේනානායකපුර ප්‍රදේශයේ ගල් ඔය ගං ඉවුරු සැලකිය යුතු ලෙස ඛාදනයට ලක්ව තිබෙනවා. මේ අවස්ථාවේ වැලි කොට්ට භාවිතයෙන් තාවකාලිකව අලුත්වැඩියා කිරීම කළ නොහැකියි. බැම්ම තවමත් කැඩී නොමැති වුවත්, අවදානම ඉහළ මට්ටමක පවතිනවා” යැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
සුදුවැල්ල ප්‍රදේශයේ ඉවුරු කැඩීයෑම දරුණු ගංවතුර තත්වය හේතුවෙන් සිදුවූවක් වියහැකි බවත්, අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති සේනානායකපුර සහ සාමපුර ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෙකෙහිම පවුල්වලට එය බලපාන බවත් ඔහු තවදුරටත් අනතුරු අඟවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
මේ හේතුවෙන් සේනානායක සමුද්‍රයේ මේ වනවිට අක්කර අඩි 658,000ක් ජලය පිරී පවතින අතර සේනානායක සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 770,000කි.
සේනානායක සමුද්‍රයේ ජලය වාන් විවෘත කරමින් ගල්ඔය ගඟට මුදා හැරෙන අතර එම තත්ත්වය තුළ මෙම අවදානම මතුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart