
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ දී සිදු කළ පිහි ඇනුමකින් කැනඩාවේ ඔටාවා හි ශ්රී ලාංකික මවක්, ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්රී ලාංකිකයාට වසර 25ක් දක්වා සමාවක් ලබා ගැනීමට හැකියාවක් නොමැති ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.
ෆෙබ්රියෝ ඩි-සොයිසා පළමු පෙළ මිනීමැරුම් චෝදනා හතරක්, දෙවැනි පෙළ මිනීමැරුම් චෝදනා දෙකක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරද පිළිගත්තේය.
නඩුවේ මුලසුන දැරූ විනිසුරුවරයා මෙය නගර ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් එකක් ලෙස හැඳින්වූ අතර එය ප්රජාව ‘කම්පනයට පත් කර’ ඇති බව පැවසීය.
නඩුවේ තීන්දුව ඇසීමට වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයෝ ඊයේ අධිකරණ ශාලාවට රැස්ව සිටියහ.
තිස් පස් හැවිරිදි දර්ශනී ඒකනායක සහ මාස දෙකේ සිට අවුරුදු හත දක්වා වයසැති ඇගේ දරුවන් හතර දෙනා සහ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ප්රහාරයෙන් මිය ගියහ.
ඩි-සොයිසා ඝාතන සිදුවන අවස්ථාවේ එම පවුලේ කුලියට ගත් නිවසේ ජීවත් වූ 19 හැවිරිදි විදෙස් සිසුවෙක් විය.
ඩි-සොයිසා අමරකෝන්ව බිම් මහලේ දී පිහියෙන් ඇන මරා දමා ඇති අතර, ඉන් ටික වේලාවකට පසු ධනුෂ්කට දුරකථනයෙන් පවසා ඇත්තේ පවුලේ අය ත්රාසජනක චිත්රපටයක් නරඹමින් සිටියදී බියජනක ශබ්ද ඇසුණු බවයි.
සියල්ල හොඳින් සිදුවන බව පවුලේ අයට ඒත්තු ගැන්වීමට ඔහු සමත් වූ අතර, පසුව පඩිපෙළට ගොස් දරුවන් හතර දෙනාටම සහ දර්ශනිට පිහියෙන් ඇන මරා දමා තිබේ.
දර්ශනි තම දරුවා දෑතින් අල්ලාගෙන සිටි අතර ප්රහාරවලින් වැළකී සිටීමට අපොහොසත් විය.
ඩි-සොයිසා පොලිසියට පවසා ඇත්තේ පැය ගණනාවකට පසු පියා නිවසට පැමිණි විට තමා සන්සුන් වීමට උත්සාහ කරමින් ටික්ටොක් වීඩියෝ නැරඹූ බවයි.
එදින රැකියාවන් දෙකක් කිරීමෙන් පසු ධනුෂ්ක ප්රමාද වී නිවසට පැමිණි අතර, ඩි-සොයිසා ඔහුට ද පහර දුන්නේය.
ඩි-සොයිසා ඔහුගේ මුහුණට සහ පපුවට පිහියෙන් කිහිප වතාවක් ඇන ඇත.
ඔහු අධිකරණයට පැවසුවේ තමන් පවුලේ අය රැඳී සිටි උඩුමහලට යෑමට උත්සාහ දැරුවද දොරවල් අගුළු දමා තිබූ බැවින් ඔහුට එහි යෑමට නොහැකිව සිටියදී නැවතත් පිහි ඇනුමකට ලක්වූ බවයි.
ඩි-සොයිසාගේ ප්රහාරවලින් බේරීමට සහ ඔහුව පරාජය කිරීමට ධනුෂ්ක සමත් වූ අතර, පසුව ලේවලින් නැහැවී සිටි ඔහු විලාප දෙමින් පිටතට දිව ගොස් ඇත.
පොලිසිය කැඳවනු ලැබීමෙන් පසු ඩි-සොයිසා අත්අඩංගුවට ගන්නා ලදී.
ධනුෂ්කට හය වතාවක් පිහියෙන් ඇන ඇති අතර, ඔහුගේ ස්නායුවලට සිදුවූ හානිවලට අමතරව ඇඟිලි කිහිපයක් අහිමි විය.
දරාගත නොහැකි මෙම ඛේදවාචකයෙන් තම පවුල, නිවස සහ ජීවනෝපායන් අහිමි වූ බව ඔහු අධිකරණයට පැවසීය.
විනිසුරු කෙවින් පිලිප්ස් මෙය නගරයේ ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් එකක් ලෙස හැඳින්වූ අතර, ඩි-සොයිසාට පැවසුවේ ඔහු සුන්දර පවුල් දෙකක් විනාශ කර ප්රජාව කම්පනයට ලක්කළ බවයි.
ඩි-සොයිසා විසින් තමාව නිවසට කැඳවා ගත් පවුලේ විශ්වාසය කඩ කළ බවත් පිලිප්ස් පැවසීය.
“ඔබ බියකරු සිහිනයක්, ඔබ බොහෝ පාඩු සහ ශෝකයක් ඇති කර තිබෙනවා. අඛණ්ඩව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකි නම්, මම එයත් සිදු කරනවා.” විනිසුරුවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart