April 20, 2026

පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂ වලදී මිලදී ගෙන ඇති රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ තිස්පන්දහසක කාබනික පොහොර මේට්‍රික් ටොන් 2,487ක් කිසිදු කටයුත්තකට යොදානොගෙන තවමත් ප්‍රාදේශීය ගබඩාවල පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව ‘ලංකාදීපය’ වාර්තා කරයි.

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් මෙම කාබනික පොහොර තොගය මිලදී ගන්නා ලදැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

කාබනික පොහොර අම්පාර, හොරොව්පතාන, මැදවච්චිය, නොචිචියාගම, බදුල්ල, මඩකළපුව, දෙහිගහලන්ද, හිඟුරක්ගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ගබඩාවල පවතින බවත්, ඒවා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග නිශ්චිතව හඳුනාගෙන නැති බවත් එම වාර්තාවේ දැක්වේ.