
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිර්දේශ මත කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදල නැවත අයකර ගැනීමට පවතින හැකියාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජය සමඟ යළි සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා සඳහන් කරයි.
අදාළ කාබනික පොහොර ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවට සිදුවූ පාඩුව අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව චීන රජය සහ චීන සමාගම සමඟ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සාකච්ඡා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, කාබනික පොහොර මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයාබලන බවත්, ලේකම්වරයා සඳහන් කරයි.
නියැදි පරීක්ෂණය අසාර්ථක වීමෙන් පසු(මෙම පොහොර තොගයේ අසූචි අඩංගු බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය) ශ්‍රී ලංකාව විසින් කාබනික පොහොර ප්‍රතික්ෂේප කළ චීනයේ Qingdao Seawin Biotech Group Co Ltd සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නේය. අනතුරුව රජය විසින් අදාළ මුදල චීන සමගමට නිකුත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart