
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවට යාබද කිඹුලාවල මංසන්ධියේ පවත්වාගෙන යන වීථි ආහාර අලෙවිසැල් (STREET FOOD) දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ කඩහිමියන්ට දැනුම් දී ඇත.
එම අලෙවිසැල් මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වන බවත්, එහි අනවසරයෙන් වෙළඳසැල් රැසක් ඉදිකර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
මේ නිසා රිය අනතුරු බහුලව සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් කඩහිමියන් සඳහන් පවසන්නේ, යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන්ට අවශ්‍ය බවයි.
මීට පෙර මෙම ස්ථානයේ ආහාර අලෙවිය සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද විරෝධය පළකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart