
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තහනම් කරන ලද පුවක් (බුලත් විට) නිෂ්පාදනයක් සමඟ වැඩි වශයෙන් සබැඳි වෙළෙඳ නාමයක Surrogate වෙළෙඳ දැන්වීම් සඳහා පෙනීසිටීම වහාම අත්හිටුවිය යුතු බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ෂාරුක් ඛාන් ඇතුළු ප්‍රමුඛ පෙළේ බොලිවුඩ් නළුවන් තිදෙනෙකුට නියෝග කර තිබේ. ඒ, එම ප්‍රාන්තය තුළ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගනිමිනි.
මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව ආහාර සුරක්ෂිතතා ප්‍රධානියා විසින් සනීපාරක්ෂක ප්‍රමිතීන් කඩකිරීම හේතුවෙන් ප්‍රකට දේශීය ආපනශාලා මෙන්ම විදේශීය ආයතනයන්හි ද බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ඔහු සමාජ මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත. පසුගිය සතියේදී ද එම ප්‍රාන්තය විසින් Domino’s ආයතන 4ක් සහ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් ජාලයන්ට අයත් ගබඩා 12ක් වසාදැමීමට කටයුතු කළේය.
ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ශ්‍රොෆ් යන නළුවන් වෙත නිකුත් කර ඇති මෙම සප්‍රසිද්ධ අවවාදාත්මක නිවේදනය මගින් ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ, ඔවුන් Vimal සුවඳ කරාබුනැටි නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළද, එම වෙළෙඳ නාමය සෘජුවම සබැඳි වන්නේ ‘පෑන් මසාලා’ (pan masala) නමැති තහනම් කරන ලද පුවක් මිශ්‍රණය සමඟ බවයි. විශේෂයෙන්ම දුම්කොළ සමඟ මිශ්‍ර කර භාවිත කිරීමේදී දැඩි හානිකර තත්ත්වයක් ඇති කරන මෙම පැකට්ටුවක් රුපියල් 3.50කට (ඇමෙරිකානු ශත 4ක් පමණ) අලෙවි කරනු ලබයි.
කර්මාන්ත දත්තයන්ට අනුව ඉන්දියාවේ පෑන් මසාලා වෙළෙඳපොළ පසුගිය වසර වන විට ඩොලර් බිලියන 5ක පමණ වටිනාකමකින් යුක්ත විය. මුඛ පිළිකා දක්වා වර්ධනය විය හැකි ‘oral fibrosis’ නමැති රෝගී තත්ත්වයට ප්‍රධානතම හේතුව මෙය බව සෞඛ්‍ය විශේෂඥයෝ සහ වෛද්‍යවරු පෙන්වාදෙති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් හෝ ටයිගර් ශ්‍රොෆ් යන නළුවන්ගේ නියෝජිතයන් කටයුතු කර නොමැති අතර, ‘විමල්’ වෙළෙඳ නාමය හිමි ‘විෂ්ණු ඇන්ඩ් කම්පැනි ට්‍රේඩ්මාර්ක්ස්’ ආයතනය ද කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
“මෙලෙස වෙළෙඳ නාමය සහ ආයතනික අනන්‍යතාව භාවිත කිරීම මගින් තහනම් කරන ලද නිෂ්පාදනය පිළිබඳ පාරිභෝගිකයින් තුළ පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුවේ” යැයි ප්‍රාන්ත ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අදාළ නිවේදනය මගින් සඳහන් කර ඇති අතර, දින 15ක් ඇතුළත ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස නළුවන් තිදෙනාට දැනුම් දී තිබේ.
වක්‍ර වෙළෙඳ දැන්වීම් (Surrogate advertising) යනු තහනම් කරන ලද භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරන අලෙවිකරණ උපක්‍රමයකි. එහිදී ප්‍රධාන වෙළෙඳ නාමය පාරිභෝගිකයා හමුයේ රඳවා තැබීම සඳහා එම නම, ලාංඡනය හෝ රටාවම සහිත නීත්‍යානුකූල වෙනත් නිෂ්පාදනයක්, උදාහරණයක් ලෙස ක්ලබ් සෝඩා හෝ මෙම සිද්ධියේදී මෙන් කරාබුනැටි, භාවිත කරනු ලබයි.
“පරීක්ෂා කිරීමේදී… එකී වෙළෙඳ දැන්වීම මගින් ප්‍රධාන වශයෙන් පෑන් මසාලා සමඟ සබැඳි ‘VIMAL’ වෙළෙඳ නාමය ප්‍රවර්ධනය කරන බව පෙනීයයි,” යනුවෙන් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තම සමාජ මාධ්‍ය ගිණුම්වලින් අදාළ වෙළෙඳ දැන්වීම් ඉවත් කරන ලෙසත්, ඒවා ඉදිරියට විකාශය කිරීමට කිසිදු සහයක් නොදෙන ලෙසත්, අදාළ නිෂ්පාදක සමාගම සමඟ ඇති කරගත් ප්‍රවර්ධන ගිවිසුම්වල තොරතුරු ලබාදෙන ලෙසත් මහාරාෂ්ට්‍ර බලධාරීන් මෙම නළුවන් තිදෙනාගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යම රජයේ ද අවධානය යොමුව තිබූ අතර, වර්තමාන නියාමන පද්ධතිය පිළිබඳව අවස්ථා ගණනාවකදී අධිකරණ හමුවේ තර්කයට ලක්ව තිබේ. නොමඟ යවන සුළු වෙළෙඳ දැන්වීම් ඉන්දීය නීතිය මගින් තහනම් කර ඇති බව ද ප්‍රාන්ත රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
‘විමල්’ කරාබුනැටි සඳහා වූ එක් වෙළෙඳ දැන්වීමක මෙම නළුවන් තිදෙනා උත්සව අවස්ථාවක එකිනෙකාට කුංකුම තවරමින් පෙනී සිටිති. යූටියුබ් හි අදාළ දැන්වීම නැරඹූ වාර ගණන මිලියන 106ක් ඉක්මවා ඇත.
මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ සන්නාම ලාංඡන සහිත වීදුරු හෝ සංගීත CD භාවිත කරමින් වෙළෙඳ නාම ප්‍රවර්ධනය කරන බවට ලැබුණු පැමිණිලිවලින් පසුව, මෙවැනි දැන්වීම් තහනම් කිරීම සඳහා ඉන්දියාව වඩාත් දැඩි නීති මාලාවක් සකස් කරමින් සිටින බව 2024 වසරේදී රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. කෙසේවෙතත් එම නීති මාලාව මෙතෙක් අවසන් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart