
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා පැවති ‘මිස් යුනිවර්ස් පාකිස්ථාන’ තරගයෙන් කරච්චි හි එරිකා රොබින් ජයග්‍රහණය කර ඇති අතර, එම ජයග්‍රහණය සම්ප්‍රදායික කරච්චි ප්‍රජාව අතර කෝපයක් ජනිත කර ඇත.
අවසන් මහා තරගය සඳහා අයදුම්කාරියන් 200ක් අතරින් අවසන් තරඟකාරියන් ලෙස 24 හැවිරිදි එරිකා, පාකිස්ථානු ක්‍රිස්තියානි තරුණියක ඇතුළු 05 දෙනෙක් තෝරාගෙන ඇත.
තරගයට පෙර අවසන් තරගකාරියන් පස්දෙනා ‘The Power in Modesty’ නමින් ඡායාරූප රූගත කිරීමක් ද කර ඇති බව වාර්තා වේ.
මිස් යුනිවර්ස් පාකිස්ථාන තරගය ඩුබායි පදනම් කරගත් යුගන් සමූහයට අයත් තරගයකි.
මිස් යුනිවර්ස් බහරේන් සහ මිස් යුනිවර්ස් ඊජිප්තුව යන තරගාවල අයිතියද මෙම සමූහය සතුය.
කෙසේ වෙතත්, රූ රැජින තරගය සහ එරිකා රොබින්ගේ ජයග්‍රහණය මතභේදයට තුඩු දී ඇත්තේ ගතානුගතික ප්‍රජාව මෙම තරගය විවේචනය කර ඇති බැවිනි.
ජොයිලන්ඩ් චිත්‍රපටය පාකිස්ථානයේ නිකුත් කරන විට එය විවේචනය කළ හඬක් වූ ජමාත්-ඉ-ඉස්ලාමි සෙනෙට් සභික මුෂ්තාක් අහමඩ් ඛාන් ට්වීටර් පණිවිඩයක සඳහන් කර ඇත්තේ, එවැනි සංදර්ශන සඳහා සූදානම් වීම සහ තරග කිරීම පාකිස්ථානයට “ලැජ්ජා සහගත” බවයි.
ජනමාධ්‍යවේදී අන්සාර් අබ්බාසි ද එවැනිම ගැටළුවක් නගා ඇති අතර, රූ රැජින තරගයට සහභාගී වීමට පාකිස්ථාන කාන්තාවන් සහභාගී කරවීම අනුමත කළේ කුමන රජයේ නිලධාරියාදැයි විමසා ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart