
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එම ධුරයෙන් ඉවත්ව වසර 06ක් පමණ ගතව ඇතත්, ඔහු විපක්ෂ නායකයාට හිමි කොළඹ 07, මහගමසේකර මාවතේ නිල නිවසේ දිගටම රැඳීසිටින බව වාර්තා වේ.
ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබා දී ඇත්තේ, පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක විසින් 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වීමෙන් පසුව යැයි කියති.
ආර්. සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද පසුගිය කාලයේදී ඉවත් විය.
දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.
2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇත.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරිමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම පාවිච්චි කරනු ලැබුවේ ද ආර්. සම්බන්ධන්ය .
ආර්. සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් සංහිඳියාව සඳහා ලොකු වැඩ කොටසක් ඉටුකරන බව පවසමින් හා එම කටයුතු සඳහා රාජ්‍ය නායකයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවීමට සිදුවන හෙයින්, ඊට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ යුතුකමක් බව සඳහන් කර, මෙම නිල නිවෙස ඔහුට ලබාදෙන ලෙස එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල සංදේශයකින් ඉල්ලීම් කර තිබිණි.
මෙම නිල නිවෙසේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බව පැවැසේ.
විපක්ෂ නායක නිල නිවෙසේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් 2017 වසරේදී රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැය කර ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, කැබිනට් තීරණයක් අනුව ආර්. සම්බන්ධන්ට මෙම නිල නිවෙස දිගටම ලබා දී ඇති බවයි.
එම කැබිනට් තීරණයේ වෙනසක් තවමත් සිදු වී නැතැයි ද ඔහු සඳහන් කළේය.
ආර්ස. ම්බන්ධන්ට නිල නිවෙස ලබා දී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව වන හෙයින්, එය වෙනස් කළ හැක්කේ ද කැබිනට් මණ්ඩල තීන්දුවකින්ම බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට රජයෙන් නිල නිවෙසක් ලබා දෙන නමුත්, හිටපු විපක්ෂ නායකවරුන්ට හෝ පක්ෂ නායකයන්ට රජයෙන් නිල නිවාස ලබාදීමක් ඉතිහාසයේ මෙයට පෙර සිදු වී නැතැයි ද ඇමැතිවරු පෙන්වාදෙති.
ආර්.සම්බන්ධන්ට මෙලෙස විශේෂ කර නිල නිවෙසක් ලබාදීම නරක පූර්වාදර්ශයක් බව ද ඔවුහු සඳහන් කරති.
අක්කර එකහමාරක පමණ භූමි භාගයක පිහිටි මෙම නිල නිවෙස නඩත්තු කිරීම සඳහා බංගලා භාරකරුවකු, උද්‍යාන භාරකරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනකු වශයෙන් සේවකයන් පස්දෙනකු යොදවනු ලැබ, ඔවුනට වැටුප් ගෙවීම ද රජයෙන් කරනු ලබන බව දැනගන්නට ද ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart