
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දොළොස්දෙනෙක් කොළඹදී හමුවී තිබේ.
විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයකට අවධානය යොමුව ඇත.
එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග්, නෙදර්ලන්ත තානාපති බොනී හෝබච්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන්, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් වෙස්ලි ස්ටීවන්ස්, ප්‍රංශ මහ කොමසාරිස් ජීන් ෆ්රැන්කොයිස් පැක්ටෙට්, කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ්, වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල්, රුමේනියානු තානාපති වික්ටර් චියුජ්ඩියා, ජපානයේ නියෝජ්‍ය තානාපති කට්සුකි කටරෝ, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය ෆ්රැන්චෙස්කෝ පෙරලේ සහ යුරෝපා සංගමයේ දේශපාලනය, වෙළඳ සහ ආර්ථික සබඳතා පිළිබඳ අන්තර්ජාතික සබඳතා නිලධාරි ඈන් වෝගියර්-චැටර්ජි මෙම හමුවට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ වෙති.
මෙරට නියෝජිත පිරිසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න, සහ අනෙකුත් පක්ෂ නායකයන් වන ඩලස් අලහප්පෙරුම, මනෝ ගනේෂන් සහ නාලක ගොඩහේවා යන අය ඇතුළත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart