
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ලබාදී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන ආකාරයට එම තරගාවලියේ පළමු තරග දෙක පැවැත්වෙන හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ අවසන් තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග මෙලෙස නොමිලේ නැරඹීය හැකිවේ.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර පළමු එක්දින තරගය ලබන 22 වනදා හම්බන්තොට දි දිවා-රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ.
මෙම තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදි පැවැත්වෙන්නේ පාකිස්ථානයේ පවතින ආරක්ෂක තත්ත්වය අනුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart