April 20, 2024

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිංහරාජ වනාන්තරය තුළ තෙදින විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

වන විනාශය සහ ජාවාරම් කටයුතු සිදු කරන බවට ලද බුද්ධි තොරතුරක් මත වන සංරක්‍ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ විසින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

එහිදී වන සංරක්‍ෂණ නිලධාරීන් 100 කට අධික පිරිසක් වනාන්තරය පුරා විස්තර පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

ලෝක උරුමයක් වන සිංහරාජය සුරැකීමේ මෙම මෙහෙයුමේ හදිසි අවශ්‍යතාව ද වන සංරක්‍ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ අවධාරණය කළේය.