
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑත කාලීනව සිදු කරන ලද නීති වෙනස්කම් යටතේ කොළඹ වරාය නගර අක්වෙරළ බැංකු රාමුව සැළකිව යුතු ලෙස දැඩි කර තිබේ.
අර්නස්ට් ඇන්ඩ් යන්ග් ශ්‍රී ලංකා විසින් කරන ලද නව විශ්ලේෂණයකට අනුව පෙනී යන්නේ මේ යටතේ අක්වෙරළ බැංකු බලපත්‍ර සඳහා ප්‍රවේශය විදේශීය-සංස්ථාපිත බැංකුවලට සීමා වී ඇති බවයි.
2026 අංක 1 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත පිළිබඳ අර්නස්ට් ඇන්ඩ් යන්ග් පැවසුවේ සිදුකර ඇති සංශෝධනය මඟින් වරාය නගර පනතේ VIII කොටසට සැළකිව යුතු වෙනස්කම් හඳුන්වා දී ඇති බවයි.
එමගින් වරාය නගර ප්‍රදේශය තුළ සහ ඉන් පිටතට සිදු කරන අක්වෙරළ බැංකු ව්‍යාපාර පාලනය කරනු ලැබේ.
2026 ජනවාරි 20 වැනිදා සහතික කරන ලද වරාය නගර සංශෝධන පනත මගින් දේශීය බලපත්‍රලාභී බැංකුවලට VIII කොටස යටතේ අක්වෙරළ බැංකු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව ඉවත් කර තිබේ.
වෙනත් රටක ස්ථාපිත සහ එම රටේ නීති යටතේ බැංකු ව්‍යාපාර කරගෙන යෑමට අවසර ලත් සමාගමකට පමණක් නීති සංශෝධනයෙන් පසුව වරාය නගර අක්වෙරළ බැංකු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති බව අර්නස්ට් ඇන්ඩ් යන්ග් සඳහන් කළේය.
සංශෝධිත රාමුව යටතේ, වරාය නගරයේ අක්වෙරළ බැංකු කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන විදේශීය බැංකුවකට අනුමැතීන් තුනක් තිබිය යුතුය.
ඒවා වන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් VI වන කොටස යටතේ නිකුත් කරන ලද සාමාන්‍ය ව්‍යාපාර බලපත්‍රය, VII වන කොටස යටතේ අක්වෙරළ සමාගම් ලියාපදිංචිය සහ පනතේ VIII වන කොටස යටතේ නිකුත් කරන ලද අක්වෙරළ බැංකු බලපත්‍රය බව අර්නස්ට් ඇන්ඩ් යන්ග් පැවසීය.
සංශෝධනය මගින් අක්වෙරළ බැංකු සඳහා අදාළ වන නියාමන ධූරාවලිය ද පැහැදිලි කර තිබේ.
බැංකු පනතේ අඩංගු ඕනෑම දෙයක් නොසළකා, VIII වන කොටස යටතේ බලපත්‍රලාභී අක්වෙරළ බැංකු ව්‍යාපාර සඳහා වරාය නගර පනතේ විධිවිධාන අදාළ වන බව අර්නස්ට් ඇන්ඩ් යන්ග් පැවසීය.
එවැනි අක්වෙරළ බැංකු නියාමනය සහ අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කරගෙන යනු ඇත.
වරාය නගරය තුළ දේශීය බැංකු ක්‍රියාකාරකම් සහ අක්වෙරළ බැංකුකරණ ව්‍යාපාර අතර දැන් පැහැදිලි වෙන්වීමක් ඇති බැවින්, සංශෝධිත රාමුව මඟින් දේශීය සහ විදේශීය බැංකු දෙකම ඔවුන්ගේ මෙහෙයුම් සඳහා වරාය නගර පනතේ අදාළත්වය නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව සමාගම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart