
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුර ගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන්කිරීමේ නව සේවාවක් නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම සේවාව යටතේ මාකුඹුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන ඇත.
එය සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
එම සේවාව ලබාගැනීමට ජනතාවට www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 0112001266 දුරකතන අංකය මඟින් සම්බන්ධ වී ආසන වෙන් කරගැනීමේ හැකියාව පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.
එසේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සෘජුවම උපදෙස් ලබාගෙන ආසන වෙන්කර ගැනීමේ පහසුකම්ද ලබා දී ඇතැයිද අමාත්‍යවරයා කියාසිටියේය.
මෙම සේවාව භාවිත කිරීමේදී රුපියල් 30ක පමණ අමතර ගාස්තුවක් අයකරයි.
කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම්ද සපයා ඇත.
අදාළ ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනමාධ්‍ය හරහා දැනුවත් කිරීම සිදුකරයි.
මෙම සේවාව භාවිතකර ප්‍රතිචාර ලබාදෙන ලෙසද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart