
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කාසල් රෝහලේදී පසුගිය 15 වැනිදා උපත ලද සය නිවුන් බිළිඳුන් අතරින් එක් බිළිඳකු අද (18) මියගොස් ඇත.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම බිළිඳාගේ පෙනහළු වෙත රුධිරය ගලායෑම නිසා මරණය සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම බිළිඳුන් සයදෙනාම ළදරු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර ඊයේ (17) පැවැසීය.
එම බිළිඳුන්ගෙන් පස්දෙනකු කාසල් රෝහලේත් අනෙක් බිළිඳා කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව ළමා රෝහල වෙත යවන ලද බිළිඳා මෙසේ මියගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.
එම දරුවන්ගේ උපත් බර ග්‍රෑම් 400 – 700ත් අතර වන බවත්, එවැනි දරුවෙක් ජීවත් කරවීම වෛද්‍ය කාර්ය මණ්ඩලයට විශාල අභියෝගයක් බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart