
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අද සිය නිවසේ මියගොස් සිටිනු දුටු ඥාතීන් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම මරණය සියදිවි නසාගැනීමක්ද, අනතුරක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බැවින් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට හැකර්වරුන් ඇතුළු වී භාණ්ඩාගාර අරමුදල්වලින් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරියා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart