
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෝමාගම, කටුවාන කර්මාන්ත කලාපයේ ගිනිගත් එක් කර්මාන්ත ශාලාවක් පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපත්‍රය ලබාගෙන නොමැති කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
ගින්නෙන් පිටවන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට යම් හානියක් සිදුව ඇති බව ඔහු පැවසීය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart