
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන දෙකක දී සිදුවූ බවට අනාවරණය වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරනු ඇතැයි වාර්තා වෙයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා ඇත්තේ, කොළඹ සහ හසලක ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථාන දෙකකදී ඊයේ ලබාදුන් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මෙම අක්‍රමිකතා සිදුව ඇතැයි අනාවරණය වූ බවයි.
එහිදී ඇතැම් සිසුන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස ජංගම දුරකථන භාවිත කර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප ගෙන පිළිතුරු ලබාගැනීම සඳහා තෙවැනි පාර්ශවයන් සමඟ බෙදාගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් එම සිසුන්ගේ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු පවසයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ, අක්‍රමිකතා අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට පියවර ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart