
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ ගේ රාජකාරී අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඔහුට එරෙහිව පවතින විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකර ඇතැයි වාර්තා වේ.
එම කොමිසම මහේස්ත්රාත්වරයා වෙත මේ බව ලිඛිතව දැනුම් දී ඇති අතර, දින 21 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද දැනුම් දී තිබේ.
අලි ජාවාරම් සිද්ධියකට තිළිණ ගමගේ සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එලෙස විමර්ශනයක් පැවැත්වේ.
ඉකුත් ජූනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිළිණ ගමගේට එරෙහිව චෝදනා පත්රයක් ගොනුකර තිබිණි.
වංචනික ලෙස ලබාගත් බලපත්රයක් භාවිත කරමින් “සකුරා” නමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල විය.
ඔහුට එරෙහිව අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.
මෙම අලි පැටවා නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, 2015 වසරේ මැයි මාසයේදී අලියා නැවත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.
ඉන්පසුව, 2016 මැයි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිළිණ ගමගේ කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගේ රාජකාරි අත්හිටුවන ලදී.
තිළිණ ගමගේ, චන්ද්රරත්න බණ්ඩාර යටවර සහ තවත් දෙදෙනෙකුට එරෙහිව 2019 නොවැම්බර් 7 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ අධිචෝදනා ගොනුකර ඇත.
කෙසේවෙතත්, 2021 දෙසැම්බර් 16 වැනි දින නීතිපති දෙපාර්තමේන්තුව විසින් තිළිණ ගමගේට එරෙහි ප්රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් චෝදනා ඉවත් කරගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart