
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ගෝලීය තෙල් මිල 3% කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 1.86කින් හෝ 2.6% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 73.56ක් වූ අතර, අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 1.66ක් හෙවත් 2.4%කින් ඉහළ ගොස් ඩොලර් 69.83ක් ලෙස සටහන් විය.
ඊට දිනකට පෙර, බොරතෙල් වෙළඳපොළ දෙකෙහිම බැරලයක මිල 5% කින් ඉහළ ගියේය.
ස්වාධීන දේශපාලන අවදානම් මූලෝපායඥයකු වන ක්ලේ සීගල් ඊමේල් පණිවුඩයක් මගින් කියාසිටියේ ඊශ්‍රායලය ඉරානයට සෘජුවම පහරදීම සඳහා සිය මිලිටරි ප්‍රහාරය පුළුල් කිරීමට පසුබට නොවනු ඇති බවයි.
එහිදී ඊශ්‍රායලය ඉරානයේ ඉන්ධන පද්ධතිය ඉලක්ක කරනු ඇති බවට ද ඔහු සැක පළකරයි.
ඉරාන තෙල් නිෂ්පාදනයට හෝ අපනයන පහසුකම්වලට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවත්, ඉන් ඇතිවන බලපෑම දිනකට බැරල් මිලියනයකට වඩා වැඩිවිය හැකි බව සීගල් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart