
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ අද ලෝක වෙළඳපොළේ තෙල් මිල සැළකිව යුතු ලෙස පහත වැටී තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ තෙල් මිල එලෙස පහළ ගොස් ඇත්තේ සතියකට වැඩි කාලයකට පසුව බවයි.
ලොව ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් සිටින මැදපෙරදිග කලාපය තුළ යුද ගැටුම් වර්ධනයවීම හමුවේ, ඉකුත් ජූනි 13 වැනිදා සිට තෙල් මිල ඉහළ යමින් පැවැතිණි.
එම යුද ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ගෝලීය තෙල් සැපයුම කඩාවැටෙනු ඇති බව සහ මිල උච්ඡාවචනයෙන් ආර්ථිකයන්ට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අන්තර්ජාතික ආර්ථික විශ්ලේෂකයෝ බිය පළකළහ.
කෙසේවෙතත් අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.08 කින් හෝ 2.9% කින් අඩුවී තිබේ.
එහි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 69.40 ක් ලෙසය.
අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද අමෙරිකානු ඩොලර් 2.03 ක් හෝ 3.0% කින් පහත වැටී තිබේ.
ඒ අනුව එම වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 66.48 ක් ලෙසය.
මීට පෙර එහි මෑතකාලීන අවම අගය ලෙස ඉකුත් ජූනි 09 වැනිදා සියටට 6 කින් මිල පහත වැටී ඇත.
ප්‍රකාශයට පත්කළ පරිදි සටන් විරාමය අනුගමනය කරන්නේ නම් තෙල් මිල සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිණීම අපේක්ෂා කළ හැකි බව අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨ වෙළඳපොළ විශ්ලේෂක ප්‍රියංකා සච්දේවා පවසා ඇත.
ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාම කොන්දේසිවලට කොතරම් දුරට අනුකූලද යන්න තෙල් මිල තීරණය කිරීමේදී සැළකිව යුතු කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි ද සච්දේවා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart