June 17, 2026

ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිමා කරමින් ඇති කරගත් නව සාම ගිවිසුමේ කොන්දේසි යටතේ, ඉරානයට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර වෙළඳපොළට බොරතෙල් විකිණීමට අවසර දීමට ඇමරිකාව තීරණය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාස තුනකට පසු වාර්තා වූ අවම මට්ටම දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටුණි.

ලෝක තෙල් මිල තීරණය කරන ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් බොරතෙල් මිල අද ගනුදෙනු ආරම්භ වන විට ඩොලර් 78.80ක් විය.

එහි මිල අගහරුවාදා 5% කින් පහත වැටුණු අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 78.96ක් ලෙසය.

ජාත්‍යන්තර බොරතෙල් මිල මෙලෙස ඩොලර් 80 සීමාවෙන් පහළට වැටුණේ පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වතාවටය.

ඇමෙරිකානු WTI තෙල් මිලද අඟහරුවාදා 5.8% කින් පහත වැටුණු අතර අද බැරලයක මිල ඩොලර් 75.80ක් විය.