
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹදී කීර්තිමත් සංචාරක සම්මාන උළෙලක් පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණි විදේශිකයන් පිරිසකට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණදීමට සිදුව ඇති බවට චෝදනා එල්ලවේ.
රටවල් 100කට වැඩි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ වසර අවසානයේ ‘ලෝක සංචාරක සම්මාන උළෙල’ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පවසයි.
එම සම්මාන උළෙලේ සංවිධාන කටයුතු වෙනුවෙන් ඊයේ උදෑසන සංවිධායකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත.
මෙරටට ගොඩබසිද්දී ඔවුන්ට වීසා තිබී නොමැති අතර, ගුවන් තොටුපොළේදී වීසා (On Arrival Visa) ලබාගැනීමට ඔවුන්ව කවුන්ටරයකට යොමුකර ඇත.
රාජ්‍ය ඇමැතිවරිය චෝදනා කරන ආකාරයට, එම කවුන්ටරයේ සේවා සැපැයීමට කිසිදු නිලධාරියකු සිට නැති අතර, අදාළ විදේශිකයන්ට ගුවන්තොටුපොළේ අපහසුතාවට පත්වීමට සිදුව තිබේ.
පසුව මෙම විදේශිකයන් සමග ජනමාධ්‍ය හමුවක් කැඳවූ රාජ්‍ය ඇමැතිවරිය, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ නිලධාරීන්ට දෝශාරෝපණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart