
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ජූලි 7 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන් එම කොමිසම සිය දැඩි කනස්සල්ල පළකරයි.
පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථානවලට ඇතුළුවීමට කොමිසමට බලය පවරන 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම මෙය හඳුන්වා දී ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 14 වනදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් පැහැදිලි කළේ, එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළුවීමට අවසර නුදුන් බවයි. එම තත්ත්වය පිළිබඳව කොමිසමේ නිලධාරීන් දැනුවත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් කනගාටුව පළකළ අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික විය. කෙසේවෙතත්, ලබාදුන් එම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත්නොවන බව කොමිසම ප්‍රකාශ කළේය.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ සිට මාරුකර එවන ලද රැඳවියන්ට වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම, රැඳවියන් සිටින ස්ථාන පිළිබඳව ඔවුන්ගේ පවුල්වල අයට දැනුම්දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් දිගින් දිගටම රඳවා තබාගැනීම ඇතුළු පළිගැනීම්වලට ලක්වන බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද කොමිසම මෙහිදී කරුණු මතුකළේය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව බන්ධනාගාර භාරයේ සිටියදී සිදු වූ වධහිංසා පැමිණවීම්, අමානුෂික ලෙස සැලකීම් සහ මරණ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
එසේම, රැඳවුම් භාරයේ පවතින ස්ථාන වෙත ඇතුළුවීමට කොමිසමට ඇති ව්‍යවස්ථාපිත අයිතියට වහාම ඉඩකඩ සලසා දෙන ලෙසත්, මාරුකර එවන ලද රැඳවියන්ට එරෙහිව සිදුවන පළිගැනීම් වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, රැඳවියන් සිටින ස්ථාන පිළිබඳව ඔවුන්ගේ පවුල්වලට ප්‍රමුඛතාවක් දී දැනුම්දෙන ලෙසත්, දඬුවම් නිමකළ රැඳවියන් වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් කොමිසම බන්ධනාගාර බලධාරීන්ට නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart