
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (4) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල්, ඉන්දීය විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් අගමැති මෝදි සමඟ පැමිණ සිටිති.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි පසු, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් අගමැති මෝදි උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
X සමාජ මාධ්‍ය වේදිකාවේ තැබූ සටහනකින් අගමැති මෝදි ගුවන්තොටුපළේදී තමා පිළිගත් අමාත්‍යවරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට සිය කෘතඥතාව පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart