
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වානේ යබරලුව ප්‍රදේශයේ ඇත කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදුකර ගැනීම සඳහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතළිස් හය හැවිරිදි විදුලි කාර්මික දෙදරු පියකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සූ බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා බියගම පොලිසිය පෙරේදා (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කොට මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුට කතාකිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවේ.
එම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් මස 18 වැනිදා සවස ස්නායු ආබාධයකින් පෙළෙන දෙදරු පියාව එම දේවාලයට රැගෙනවිත් කපුවා ලවා ශාන්ති කර්මයක් සිදු කරගෙන නූලක් බැඳ ආපසු නිවසට රැගෙන ගොස් ඇත.
පසුව නිවසේදී පස්වරු 6.30 ට පමණ ඔහු ‘හූ’ කීමට පටන් ගෙන
තිබෙන නිසා නිවැසියන් විසින් ඔහුව නැවත දේවාලයට රැගෙන ගොස් තිබේ.
එහිදී කපුවා විසින් මැටි පහනකට කපුරු දමා දල්වා එම දෙදරු පියාගේ යටි පතුලට අල්ලා තිබෙන අතර කපුවා දේවාලය තුළට ගිය අවස්ථාවල කපුවාගේ පුතා ද එසේ කළ බව නිවැසියෝ කියති.
පසුවදා එනම් 19 වැනිදා උදේ ඔහුගේ යටි පතුලේ දරුණු අන්දමින් දියපට්ටා හටගෙන තිබූ නිසා නිවැසියන් ස්නායු ආබාධයක් වැළඳී තිබෙන බවට පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂා කර බලා සැක කටයුතු තුවාල තිබෙන බවට රෝහල් පොලිසියට දැන්වීමෙන් පසුව රෝහල් පොලිසිය විසින් ඒ බව බියගම පොලිසියට වාර්තා කර තිබේ.
වහා ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශනයක් සිදුකර කපුවා හා ඔහුගේ පුතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart