
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෝටර් රථ අනතුරුවලට ගොදුරු වන තුන්වැනි පාර්ශ්වයේ පිරිසට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව වන්දි ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව එම වැඩපිළිවෙළ සඳහා මුලපුරා ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ සංවිධාන සහ බලපත්‍රලාභී රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය.
මේ යටතේ හඳුන්වා දී ඇත්තේ අනතුරුවලට ගොදුරු වන තුන්වැනි පාර්ශ්ව හෝ ඔවුන්ගේ නීත්‍යනුකූල උරුමක්කාරයන්ට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව වන්දි ගෙවීම සඳහා විකල්ප වන්දි යෝජනා ක්‍රමයකි.
මෝටර් රථ අනතුරු හේතුවෙන් මිය ගිය හෝ සදාකාලිකව ආබාධිත වූ පදිකයන් සහ පාපැදිකරුවන් වැනි තෙවැනි පාර්ශ්වයේ වින්දිතයන් මේ සඳහා සුදුසුකම් ලබන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසයි.
මේ යටතේ අනතුරට ලක් වූ මෝටර් රථය රක්ෂණය කර ඇති බලපත්‍රලාභී රක්ෂණ සමාගම විසින් වින්දිතයාට හෝ ඔහුගේ/ඇයගේ නීත්‍යනුකූල උරුමක්කාරයන්ට වන්දි ගෙවනු ලැබේ.
මරණයක් සඳහා රුපියල් පන්ලක්ෂයක් සහ සදාකාලික ආබාධිත තත්ත්වයන් සඳහා උපරිම රුපියල් පන්ලක්ෂයක් සීමාවන්ට යටත්ව ගෙවනු ඇත.
මෝටර් රථ රක්ෂණ ඔප්පුව යටතේ නීතිමය වගකීම් භාර නොගෙන රක්ෂණ සමාගම මානුෂීය හේතූන් මත මෙම වන්දි ගෙවීම සිදු කරනු ලබයි.
වින්දිතයාට හෝ ඔහුගේ/ඇයගේ නීත්‍යනුකූල උරුමක්කාරයන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ වන්දි ගෙවීම ප්‍රමාණවත් නොවන්නේනම් සුදුසු වන්දි ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2024 අංක 3 චක්‍රලේඛයේ වන්දි සඳහා අයදුම් කිරීමේ ක්‍රමය, කොන්දේසි යනාදිය ඇතුළු සම්පූර්ණ විස්තර සපයා ඇත.
එම තොරතුරු www.ircsl.gov.lk වෙබ් පිටුව වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart