
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුම් වූ මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට නාලන්දීයයෝ නිතැතින්ම යොමුවූහ. තිස් වසරක් පුරා ශ්‍රී ලාංකික මහජනයාගේ ජීවිත බිලිගනිමින්, දේපළ හානි කරමින්, දේශය පුරා පැතිරගිය රුදුරු ත්‍රස්තවාදයෙන්, උත්තරීතර මාතෘ භූමිය මුදවාගැනීමේ මෙහෙයුමේ ද, ඔවුහු අභිමානවත් කොටස්කරුවන් වූහ.
ඔබත් අපත් අද මේ ගෙවන නිදහස් සාමකාමී ජීවිතයේ නිමැවුම්කරුවෝ ඔවුන්ය. අප වෙනුවෙන් ඔවුහු තම තරුණ දිවිය කැපකරනු ලැබුවේ තම මාපියන්ට ආදරණීය පුතෙකු, බිරිඳකට ආදරණීය ස්වාමියකු, දරුවනට ආදරණීය පියාණන් කෙනෙකු අහිමි කරමින්ය.
එවන් වූ ඔවුනගේ පරිත්‍යාගයට අපගේ උත්තමාචාරය යන තේමාව සහිතව මෙවරත් නාලන්දා රණවිරු උපහාර, නාලන්දා විද්‍යාලයීය රණවුරු ස්මාරකය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. නාලන්දා රණවිරු උපහාර 2025, මෙම මස (සැප්තැම්බර්) 11 වැනිදා බ්‍රහස්පතින්දා දින උදෑසන 8ට ආරම්භ වීමට නියමිතය.
වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පවත්වන නාලන්දා රණවිරු උපහාර, මෙවර වත්මන් නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, එහි සංවිධාන ශක්තිය නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයයි.
නාලන්දාව සියවස සමරන මෙම වසරේ, රට දැය සමය වෙනුවෙන් තම දිවි පුදකළ අභීත නාලන්දා රණවිරුවන් 41 දෙනා, ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් කෙරෙහි උත්තමාචාර දක්වමින් සිදුකෙරෙන නාලන්දා රණවිරු උපහාර 2025 සඳහා ශ්‍රී ලංකා යුද්ධ, නාවුක හා ගුවන් හමුදාවන්හි සහ ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නියුතු මෙන්ම, සේවයෙන් විශ්‍රාම ගත් සියලු නාලන්දීයයන්ට, නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය අභිමානයෙන් යුතුව ආරාධනා කෙරේ.
නාලන්දා රණවිරු උපහාර 2025 | සැප්තැම්බර් 11 වැනිදා, බ්‍රහස්පතින්දා | උදැසන 8:00 ට | නාලන්දා විද්‍යාලයේදී
– සංවිධානය: නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart