
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර තිබේ.
මිලියන සංඛ්‍යාත පිරිසක් පරිශීලනය කරන, ලොව විශාලතම සංචාරක වෙබ් අඩවි අතරින් එකක් වන Agoda මගින් නුවරඑළිය හඳුන්වා දී ඇත්තේ ‘පුංචි එංගලන්තය‘ ලෙසයි.
නුවරඑළිය සතු සෞම්‍ය කාලගුණය සහ උසස් තත්ත්වයෙන් යුතු තේ වගාවන් හේතුවෙන් එය අන්තර්ජාතික වශයෙන් කීර්තියක් උසුලයි.
එමෙන්ම එහි දක්නට ලැබෙන හරිත පැහැ තේ වගාවන් සහ යටත්විජිත කාලයට අයත් ගොඩනැඟිලි අතර සංචාරය කිරීම සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙන බව Agoda වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම වසරේ හොඳම කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවරඑළියට අමතරව තවත් ප්රමුඛ පෙළේ ආසියානු නගර රැසක් ඇතුළත් කර තිබේ.
ඒ අතර ඉන්දියාවේ ශිම්ලා කලාපය සහ මුන්නාර් කඳුකරය, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරය, වියට්නාමයේ සපා කඳුකරය සහ ඩලාත් කලාපය, ඉන්දුනීසියාවේ බන්ඩුන් මෙන්ම භූතානයේ තිම්පු පුරවරය ද වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart